News

ඛනිජ කැණීම, ප්‍රවාහනය හා වෙළඳාම බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

ඛනිජ කැණීම, ප්‍රවාහනය හා වෙළඳාම සම්බන්ධයෙන් නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු කාලය ජූනි 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය මත පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය අපහසු බැවින් මෙම පියවර ගත් භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු ඩී. සංජන ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව, මේ වන විට අලුත් කිරීම සඳහා අයදුම් කර ඇති සහ මැයි මස 1 වැනිදා සිට ජූනි 15 වැනිදා දක්වා කාලයේදී අවලංගුවීමට නියමිත බලපත්‍රවල වලංගු කාලය ජූනි 15 වැනිදා දක්වා දීර්ඝ කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

එමෙන්ම, දැනට තිබෙන බලපත්‍රවල සඳහන් කොන්දේසි හා අනුමත කියුබ් ප්‍රමාණන් නොඉක්මවන පරිදි ඛනිජ කැණීම, ප්‍රවාහනය හා වෙළඳාම සෞඛ්‍යාරක්ෂිතව කරගෙන යා හැකි බව ද ඔහු ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් ගැටලුවක් ඇතොත් 077 5748875 දුරකතන යන දුරකථන අංකයෙන් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ (ඛනිජ හිමිකම්) අමතා ලබාගත හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top