News

හෙද සංගමය වැඩ වර්ජනය අරඹති

සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඊට නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් මැයි 31 වන දින උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය ප්‍රකාශ කරයි.

කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් එම තීරණයට එළඹි බව එහි ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා පවසයි.

ඒ අනුව, අද උදෑසන සිට ජුනි 01 වන දින උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා වැඩිදුරටත් පැවසීය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top