දේශීය පුවත්

සහරාන් ඇතුළු පස් දෙනෙකුට රැකවරණය දුන් විවාහ රෙජිස්ටාර්වරයෙකු අත්අඩංගුවට

සහරාන්ගේ අන්තවාදයට අනුබල දුන් සහ සහරාන් ඇතුළු පස්දෙනෙකුට රැකවරණය ලබා දුන් ඔලුවිල් ප්‍රදේශයේ විවාහ රෙජිස්ටාර්වරයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ටාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පත අජිත් රෝහණ මහතා සඳහන් කළේ, 2017 වසරේ දී කාත්තන්කුඩි අලියාර් ප්‍රදේශයේ දී සහරාන්ගේ මතයට විරුද්ධ පිරිසක් සමඟ සහරාන් ඇතුළු පස් දෙනෙු ඇති කර ගත් ගැටුමක් හේතුවෙන් ඔවුන් එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි. ඔවුන් පස්දෙනා පලා ගොස් සැඟව සිට ඇත්තේ ඔලුවිල් ප්‍රදේශයේ පිහිටි මෙම විවාහ රෙජිස්ටාර්වරයාගේ නිවසේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙලෙස මොහුගේ නිවසේ සැඟව සිටි පස්දෙනා අතරින් දෙදෙනෙකු මවුලවිවරුන් වන අතර ඔවුන් දෙදෙනා ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. අනෙක් දෙදෙනා පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් වේ.

මඩකලපුව ත්‍රස්ත ක්‍රියා අනු කොට්ටාශයේ රඳවාගෙන සිටින අත්අඩංගුවට පත් විවාහ රෙජිස්ටාර්වරයා කොළඹට රැගෙන ඒමට නියමිත බව ද වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top