ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම වළක්වාලමින් මැයි 31 වන දින දක්වා තාවකාලිකව ගුවන් තොටුපොළ වසා දැමීමට තීරණය කෙරිණි.
ඒ අනුව, ජුනි 01 වන දින සිට සංචාරකයින් පැමිණීම වළක්වාලමින් පනවා තිබෙන තාවකාලික තහනම ඉවත් කිරිමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය මැයි 26 වන දින ප්‍රකාශ කළා. නමුත්,පසුගිය දින 14 තුළ ඉන්දියාවට ගොස් සිටින පුද්ගලයින් සඳහා මෙම තහනම නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා.
කෙසේවෙතත්, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැයි 30 වන දින මිනුවන්ගොඩ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ, මැයි 31 වන දින දක්වා ගුවන් තොටුපොළ වසා දැමීමට ගෙන ඇති තීරණය දීර්ඝ කිරීම හෝ ලිහිල් කිරීම සම්බන්ධයෙන් වු අවසන් තීරණය කොවිඩ් මර්දන කමිටුව විසින් ප්‍රකාශයට පත්කරන බවයි. සංචරණ සීමා අඛණ්ඩව පැවතීම සහ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අවදානය යොමුකරමින් අදාළ තීරණය ගැනීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසුවා.
පසුගිය මැයි 21 වන දා මධ්‍යම රාත්‍රියේ සිට දින 14ක කාලයක් සඳහා මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කරනු ලැබීය. කෙසේවෙතත් එම තහනම මෙරටින් පිටව යන මගී ගුවන් යානා සඳහා අදාළ නොවෙනු ඇත.

