දේශීය පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු තිදෙනෙකුගෙන් ප්‍රකාශ ගනියි

කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්, ප්‍රධාන ඉංජිනේරුවා හා නියෝජ්‍ය ඉංජිනේරුවාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා.

නැවේ කපිතාන්වරයා සහ ප්‍රධාන ඉංජිනේරුවා රුසියානු ජාතිකයන් වන අතර නියෝජ්‍ය ඉංජිනේරුවා ඉන්දීය ජාතිකයෙකි. වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඊට අදාළ උදෘත නීතිපතිවරයා විසින් වෙත යොමු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top