කොවිඩ්-19

ජුනි 01 සිට‌ මෙරට සියලු ‌ගුවන් තොටුපළ විවෘත කෙරේ

මෙරට සියලු ගුවන්තොටුපළවල් ජුනි 01 දින සිට විවෘත කිරීමට තීරණය කර ඇති බව ගුවන් සේවා හා අපනයන කලාප රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මැයි 31 දින සඳහන් කළා.

මෙහිදී ගුවන් යානයක පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75ක් පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

නමුත්, එලෙස ගුවන් තොටුපළ විවෘත කෙරුණ ද පසුගිය දින 14 තුළ ඉන්දියාවට ගොස් සිටින පුද්ගලයින් සඳහා මෙම තහනම නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය මීට පෙර සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top