පසුගිය සති දෙකක කාලය තුළ වියට්නාමයේ සංචාරය කළ පුද්ගලයන්ට හා වියට්නාමය සමඟ ගුවන් ගමන් හුවමාරු කළ පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර නොලැබෙන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසයි.
මේ දිනවල වියට්නාමයේ පැතිර යන කොවිඩ් දෙමුහුන් ප්‍රභේදයක් පැතිරීම පිළිබඳව සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගත් බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
එබැවින්, ජුනි 01 වන දින සිට මෙරට සියලු ගුවන්තොටුපොළවල් විවෘත කළ ද වියට්නාමයේ සිට පැමිණෙන පුද්ගලයින් සඳහා මෙම තාවකාලික තහනම බලපැවැත්වේ.

