News

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයින් පත් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයින් පත් කර තිබෙනවා.

ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතාඅදාළ කොමිසමේ සභාපති ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනකයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස,

  • මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා
  • ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා
  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා
  • ඕරල් කෝපරේෂන් – සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා
  • මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් – කළමනාකාර අධ්‍යක්ෂ
  • ජෙරාඩ් ඔන්ඩච්චි මහතා
  • මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා මහතා පත් කර තිබෙනවා.
Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top