1977 වසරේ සිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ ද 2020 මහමැතිවරණයේ දී පරාජය පත් වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මැයි 31 දින ඒකමතිකව තීරණය කර ඇත.
ඒ පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහායි. මෙතෙක් එම මන්ත්‍රීධූරයට හිස්ව පැවතිය අතර වරින්වර ඒ සඳහා මන්ත්‍රීවරයෙකු පත් කිරීමට එජාපය ගත් උත්සාහයන් විවිධ හේතු මත ව්‍යර්ථ විය.
කෙසේ වෙතත්, මැයි 31 දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ මෙම තීරණය ගත් බව පක්ෂ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියා සිටියා. මේ අනුව ඉදිරියේ දී පක්ෂ මහලේකම්වරයා විසින් ඊට අදාළ නිල ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතයි.
