නිරෝධායන රීති ක්‍රියාත්මක කළ දින සිට මෙතෙක් එක් දිනක දී අත්අඩංගුවට පත් වූ වැඩිම පිරිස ගත වූ පැය 24 තුළ දී අත්අඩංගුවට පත් ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ඒ අනුව, ගත වූ පැය 24 තුළ දී පමණක් නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1047 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඒ අතරින් 160 දෙනෙකු මාතලෙන් ද, 119 දෙනෙකු නිකවැරටියෙන් ද, 98 දෙනෙකු මහනුවරින් ද නිරෝධායන රීති උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
එමෙන්ම, මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇති සමස්ත සංඛ්‍යාව 19,102ක් වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

