News

යාපනයේ මත් සාදයක් දැමූ පස්දෙනෙකු අත්අඩංගුවට

සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යාපනය – අර්සඩි ප්‍රදේශයේ සාදයක් පවත්වන ලද පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මොවුන් මත්ද්‍රව්‍ය භාවිත කරමින් මෙම සාදය පවත්වා ඇති බවයි. අදාළ සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මොවුන්ගේ පවුල්වල සාමාජිකයින් සියලුදෙනා නිරෝධායනය සඳහා යොමු කරන ලෙසට අධිකරණය සෞඛ්‍ය බලධාරීන් වෙත නියෝග කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි. යාපනය පොලීසිය සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

එමෙන්ම, ගත වූ පැයි 24 තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1047 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එය එක් දිනක් තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලද වැඩිම පිරිස බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top