දිවයින පුර සංචරණ සීමා ජුනි 7 වැනිදා දක්වා ක්‍රියාත්මක වන හෙයින් එතෙක් සේවයට පැමිණීම අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා එහි සේවකයන්ට දැනුම් දී ඇත.
ඒ අනුව, පාර්ලිමේන්තු සංකීර්ණයේ සියලුම කාර්යාල ජුනි 07 වැනිදා දක්වා වසා දමා ඇතැයි එහි නිලධාරීන් පවසයි.
පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා නැවත රැස්වීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ජුනි 7 වැනිදා පෙරවරු 9.30ට පැවැත්වෙන බව එහි නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය පවසයි.
මේ අතර, පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය හා නියෝජ්‍ය මහලේකම් කාර්යාලය ඇතුළු කාර්යාල කිහිපයකින් කොවිඩ් ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීම නිසා එම කාර්යාලවල සේවක සේවිකාවන් පිරිසක් පසුගිය දිනවල නිරෝධායනයට යොමු කෙරුනා.

