රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහට සහ නිරූපිකාවක වන පියුමි හංසමාලිට ඇප ලැබීම ගරු අධිකරණයේ තීරණයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමින් මැයි 31 දින ප්‍රකාශ කළා.
හිරු නාලිකාවේ විකාශය වූ සළකුණ වැඩසටහනේ දී මාධ්‍යවේදීන් විමසා සිටියේ ප්‍රසිද්ධ පුද්ගලයින්ට එක් ආකාරයකටත්, සාමාන්‍ය වැසියන්ට තවත් ආකාරයකටත් නීතිය ක්‍රියාත්මක වීමක් සිදුවන්නේදැයි බොහෝ දෙනා විමසන බවයි. එහිදී සිය නිවසට කෑම ලබා ගැනීම සඳහා ගොස් සිටි සාමාන්‍ය මවකට එරෙහිව නිවැරදිව මාස්ක් එකක් නොපැළඳීම හා සංචරණ සීමා කඩ කිරීම යටතේ නීතිය දැඩිව ක්‍රියාත්මක වූ බව පෙන්වා දුන් මාධ්‍යවේදීන් විමසා සිටියේ චන්දිමාල් සහ පියුමි අවම වශයෙන් නිරෝධායනයට හෝ යොමු නොකොට ඇප ලැබී නිවෙසට යාම නීතියේ අසමානතාවයක් නොවේද කියායි.
ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ කොටුව පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ අත්සනින් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව අනුව සැකකරුවන් ජුනි 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, සැකකරුවන්ව නිරෝධායනයට යොමු කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිට ඇති බවයි. එහෙත් පොලිසියේ කරුණු දැක්වීම් සහ විත්තිකාර පාර්ශවයේ කරුණු දැක්වීම් සළකා බැලීමෙන් අනතුරුව අධිකරණයේ තීරණය අනුව ඔවුන්ට ඇප ලබා දීමට තීරණය වී ඇති බව පෙන්වා දුන් අජිත් රෝහණ පෙන්වා දුන්නේ අධිකරණයේ තීරණයට ගරු කළ යුතුව තිබෙන බවයි.
පොලිසියේ පාර්ශවයෙන් අවශ්‍ය ඉල්ලීම් සමාන ලෙස සිදුකර තිබෙන බව සනාථ කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයා දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළේ ය.

