News

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ කාණුවකින් තහනම් ද්‍රව්‍ය මතු වෙයි

වැලිකඩ බන්ධනාගාරයේ සේවයේ යෙදී සිටි කාන්තා නිලධාරිනියන් විසින් ජුනි 01 වන දින බන්ධනාගාරයේ කාණුවක් තුළ සඟවා තිබූ තහනම් ද්‍රව්‍ය සහිත පාර්සලයක් සොයා ගෙන තිබෙනවා.

එම තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සලය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානය අසල ජලය පිටතට බැස යන කාණුවේ පිටත විවරයක් තුළ සූක්ෂම ලෙස රෙදිවලින් ඔතා තිබියදී හමු වී තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද පාර්සලය තුළ ජංගම දුරකථන 10ක්, ජංගම දුරකථන බැටරි 14ක්, ජංගම දුරකථන සිම්පත් 11ක්, ජංගම දුරකථන චාජර් 01ක් ඇතුළත්ව තිබෙනවා. එම ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී

To Top