කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු වලට අදාළව එහි කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ අතිරේක ඉංජිනේරුවරයාට රටින් පිට වීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සිදු කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් කපිතාන්වරයාගෙන් පැය 14කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළා. එමෙන්ම, ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 13ක් ද, අතිරේක ඉංජිනේරුවරයාගෙන් පැය 12ක කාලයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මෙම ප‍්‍රකාශවල උදෘත නිතිපතිවරයා වෙත යොමු කර ඉදිරි නෛතික උපදෙස් ලබා ගැනීමට නියමිතව ඇති බවත්, මෙම ගිනි ගැනීමට අදාළ විශේෂඥ මතයන් ද ලබා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදුකරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

