කොවිඩ්-19

ණය ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන්න මහ බැංකුවෙන් බලපත්‍රලාභී බැංකුවලට විශේෂ දැනුම් දීමක්

කොවිඩ් – 19 වසංගතයේ තුන්වන රැල්ල හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවලට හා බලපත්‍ර විශේෂිත බැංකුවටලට ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, ලබාදිය යුතු සහනයන් සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ බැංකුවවලට නිකුත් කර තිබේ.

ඒ අනුව 2021 මැයි 15 වන දින සිට සක්‍රීය කාණ්ඩයේ පැවති ණය පහසුකම් සඳහා මුල් මුදල හෝ ණය පොළිය යන කොටස් දෙකම අයකර ගැනීම අගෝස්තු 31 දක්වා කල්දැමිය යුතුය.

අක්‍රීය ණය පහසුකම් සඳහා වන සියලු අයකර ගැනීම් ද අගෝස්තු 31 දක්වා කල්දැමිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත.

අදාළ සියලු සහනයන් පිළිබඳව තොරතුරු මෙතැනින්.

Rivira FB Group Rivira Youtube
To Top