දේශීය පුවත්

කපිතාන් අත්අඩංගුවට, ගිලෙමින් පවතින X-Press Pearl නෞකාව පිළිබඳ යාවත්කාලීන වන වාර්තාව

(යාවත්කාලීන වන වාර්තාවකි)

සිංගප්පූරුවේ ධජය යටතේ ලියාපදිංචි කර ඇති MV X-Press Pearl නෞකාව නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් හා තවත් රසායනික ද්‍රව්‍ය සහිත බහාලුම් 1486 ක් රැගෙන එමින් සිටිය දී එහි තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් හේතුවෙන් කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් නැංගුරම්ලා සිටිය දී ගිනි ගැනීමට ලක්විය. මේ වනවිට ගිනිබත් වූ නෞකාව මුහුදුබත් වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පහතින් යාවත්කාලීන වේ.

එහි යාවත්කාලීන වන වාර්තාව පහතින්.

ජුනි 14 පස්වරු 03.00 – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට පැයකට පමණ පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් කපිතාන්වරයාව කොළඹ අංක 1 මහාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බව රිවිර.lk අධිකරණ වාර්තාකරු මීට සුළු මොහොතකට පෙර සඳහන් කළා.

ජුනි 03 පස්වරු 01.05 – නෞකාව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් අදාළ මුහුදු ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති අතර එම කණ්ඩායමට සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළත් වන බව නාවික හමුදාව පවසයි. නෞකාවේ බඳෙහි කිසියම් පිපිරීමක් හෝ තෙල් කාන්දු තත්ත්වයක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම මෙම කිමිදුම් කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙළඳ නාවික ලේකම් කාර්යාලය පවසන්නේ මෙතෙක් කිසිඳු තෙල් කාන්දුවක් සිදුවී නොමැති බවයි.

නෞකාව අයත් සමාගම පවසන පරිදි ගිනි ගැනීමට ලක්වන අවස්ථාව වනවිට ඉන්ධන මෙට්‍රික්ටොන් 300 කට ආසන්න ප්‍රමාණයක් නෞකාවේ තිබූ බව පැවසේ.

මේ අතර කිසිදු ආකාරයක තෙල් කාන්දුවක් හෝ පරිසර හානියකින් තොරව නෞකාව ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකරන ලෙස එම සමාගමේ ප්‍රධානියාට දැනුම්දුන් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනි ලහදපුර පැවසූ අතර යම් ආකාරයකින් එවැනි තෙල් කාන්දුවක් සිදුවුවහොත් ගත යුතු පියවර සම්බන්ධයෙන් උපාය මාර්ගික සැළසුමක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සකස් කර ඇති බව ද එම අධිකාරිය පවසයි.

ජුනි 03 ‌පස්වරු 01.00 – මේ වනවිට නෞකාවේ තත්වය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතර ඡායාරූප කිහිපයක් පහතින්.

ජුනි 02 පස්වරු 10.00 – ‌නෞකාවේ තත්වය පිළිබඳ තවත් ඡායාරූප කිහිපයක්

ජුනි 02 පස්වරු 03.12 – මේ වනවිට අදාළ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම නවතා දැමීමට සිදුව ඇති බව නාවික හමුදාව පවසනවා. ඒ නෞකාව මුහුදු පතුලේ ගැටීම හේතුවෙනි. නෞකාව මේ වන විට පවතින ස්ථානයේ ගැඹුර මීටර් 22ක් පමණ වන බව ද නාවික හමුදාව පවසයි. ගුවන් හමුදාව මගින් නිකු කළ නවතම දර්ශන පහතින්.

ජුනි 02 පස්වරු 12.43 – මේ වනවිට අදාළ නෞකාවේ නවතම තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් පළ කළ ඡායාරූප වාර්තාව.

ජුනි 02 පෙරවරු 11.17ට – මේ වනවිට අදාළ නෞකාවේ එංජින් කාමරය පවතින කොටස ජලයෙන් යට වී ඇති ආකාරය ඡායාරූපවල දැක්වේ.

සම්බන්ධිත පුවත්

  1. X-Press Pearl ගැඹුරු මුහුදට රැගෙන යන්නැයි ජනපතිගෙන් නියෝග
  2. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙරළට පැමිණි ද්‍රව්‍ය ස්පර්ශ වීමෙන් සංකූලතා ඇතිවිය හැකියි
  3. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ලංකාවට පැමිණ ඇත්තේ අවදානම දැන දැනමයි, වරායන් 2කින් ප්‍රතික්ෂේප කරලා
  4. MV X-Press Pearl නෞකාවේ ගිනි නිවීමේ මෙහෙයුම් පුළුල් කෙරේ, විදෙස් කණ්ඩායම් කිහිපයක් දිවයිනට
  5. රසායනික ද්‍රව්‍ය සහිතව කොළඹ එමින් සිටි X-Press Pearl නෞකාවේ ගින්නක්
Rivira FB Group Rivira Youtube
To Top