කොවිඩ්-19

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 03ක් ජුලි මාසයේ දී ලංකාවට

මෙම වසර තුළ දී ෆයිසර් එන්නතේ මාත්‍රා මිලියන 5ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ජුනි 02 වන දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ය.

ඒ අනුව, එම මාත්‍රා මිලියන 05න් පළමු කොටස ලෙස මාත්‍රා ලක්ෂ 03ක් ජුලි මාසයේ දී මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ගත් ඉතිරි පිරිස සඳහා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට මේ වන විට පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් නමුත් මෙතෙක් ඒ සඳහා සාර්ථක පිළිතුරක් ලැබී නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top