සංචාරයක නිරත වන බව පවසා ව්‍යාජ වීසා බලපත්‍ර හා නාවික හැඳුනුම්පත් භාවිතා කරමින් රුමේනියාවට පලා යාමට උත්සාහ කළ තරුණයින් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ දේශසීමාවේ ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
ඔවුන් සිව්දෙනාගෙන් දෙදෙනෙකුට රුමේනියානු වීසා බලපත්‍ර දෙකක් ද තිබූ බව වාර්තා වේ. ඔවුන් අප්‍රිකාවේ සියරාලියොන් රාජ්‍යය බලා තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා යන ගුවන් යානයකින් පිටත්ව යාමට උත්සාහ දරා තිබෙනවා.
ඔවුන් අවුරුදු 21, 31,36 හා 41 වයස්වල පසුවන්නන් වන අතර මෙම තරුණයින් සිව්දෙනා මඩකලපුව හා යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

