ක්‍රීඩා

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න පත් කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා පත්කර තිබෙන අතර ඔහු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරිමට ගිවිසුම් ගත වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු ලංකා ද සිල්වා මෙයට පෙර එම තනතුරේ කටයුතු කළ අතර, ඔහුගේ ධූර කාලය ඉකුත් වීම හේතුවෙන් හෂාන් තිලකරත්න මහතාට මෙම අවස්ථාව හිමි විය.

වසර 20කට පෙර පාකිස්තානයේ ලාහෝර් නුවරදී ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයකු වූ 53 හැවිරිදි හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළේය. පසුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන ඒකකයට අනුයක්තව සේවය කළේය.

හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරගයට 1989දී එක් වී 2004දී සමුගන්නා කාලය අතරතුර ටෙස්ට් තරග 83කට සහභාගී වී ශතක 11ක් හා අර්ධ ශතක 20ක් සමග ලකුණු 4545ක් රැස්කිරීමට සමත් වූ අතර, 1986දී එක්දින තරග බිමට පිවිස 2003දී එක්දින පිටියෙන් සමුගනිද්දී අන්තර්ජාතික තරග 200කට සහභාගී වී තිබිණි. එහිදී ශතක 2ක් හා අර්ධ ශතක 13ක් සමග ලකුණු 3789ක් රැස් කිරීමට හෙතෙම සමත් විය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top