අළුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී අන්තරාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයකට ලක් වූ චන්දිමාල් ජයසිංහ ගමන් කළ CAG-9494 දරන ටොයොටා ලෑන්ඩ්කෲෂර් රථය පැද වූ රියදුරුට රු. 12,500ක දඩයක් නියම කිරීමට අධිකරණය ජුනි 02 දින තීරණය කළා. ඒ කෙසෙල්වත්ත පොලිසිය විසින් එම රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීම නිසාය.
කෙසේ නමුත් උක්ත සිදුවීමට මුල් වූ චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී වූ බවට හඳුනාගෙන කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ජුනි 01 දින අළුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පොලිසියට අයත් රථයකින්ම ඔවුන්ව ආපසු රැගෙන යාමේ දී පොලිසියට අයත් NE-0789 දරන ටොයොටා ලෑන්ඩ්කෲෂර් රථය ද ද්විත්ව ඉරි කපා අනෙක් පස මං තීරුවේ සිට ප්‍රතිවිරුද්ධ මංතීරුවට පිවිසෙන අයුරු මාධ්‍යවේදීන්ගේ කැමරා තුළ සටහන් වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වීමක් සිදු වී නොමැති අතර එම ස්ථානයට පැමිණෙන බොහෝ වාහන එලෙස ගමන් කරන අයුරු නිරීක්ෂණය කළ හැකි බව එහි සිටින අප වාර්තාකරුවන් පවසනවා.
ද්විත්ව ඉර කැපූ පොලිස් රථය පිළිබඳ වීඩියෝව දැක්වෙන හිරු පුවත
කහ ඉර (පදික මාරුව) හරහා යූ ටර්න් එකක් ගත් චන්දිමාල්ගේ රථය දැක්වෙන අද දෙරණ පුවත

