ශ්‍රී ලංකාවේ දී හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 02 වන බදාදා පෙරවරු 10.00 වනවිට 189,241ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය විසින් මේ වනවිට නිකුත් කර ඇති නවතම වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 160,714කි. එහෙත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ලබමින් සිටි පිරිසෙන් 1,504 දෙනෙකු පමණක් දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ජුනි 01 දින නිකුත් කළ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව, සුවය ලබා සිටි සම්පූර්ණ පිරිස 153,371කි. ඒ අනුව, ජුනි 01 පෙරවරු 10 සිට ජුනි 02 පෙරවරු 10 දක්වා කාලය තුළ 7,343 දෙනෙකු සුවය ලබා තිබුණත් ඒ බව නිල වශයෙන් නිවේදනය වී නැත.
එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන පරිදි මේ වනවිට 1,527 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති සහ රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 27,000කි.
මෙරට මිලියනයකට වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය මේ වනවිට 8,843ක් දක්වා ඉහළගොස් ඇති අතර ජනගහනය මිලියනයකට වාර්තා වන මරණ ගණන 71 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති සමස්ත පිරිස 84.9%කි. මරණ අනුපාතය 0.80%ක් ලෙස වාර්තා වේ.
එන්නත්කරණයට අදාළව පළමු මාත්‍රාව ලබා දී ඇති පිරිස 1,766,636 ක් වන අතර ඉන් 351,017දෙනෙකුට දෙවන මාත්‍රාව ද ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා

