News

නීතිය සැමට සමානයි, චන්දිමාල්ගේ සාදයට සම්බන්ධ 15ක් නිරෝධායනයට යොමු කෙරේ

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත් වූ උපන්දින සාදයකට සහභාගී වූ 13 දෙනෙකු ඇප මත මුදා හැරීමෙන් අනතුරුව නිරෝධායනය කිරීම සඳහා ජුනි 02 දින කොටුව පොලිස්ථානය කටයුතු කර තිබෙනවා.

මේ අනුව සාදය සංවිධානය කළ චන්දිමාල් ජයසිංහ හා නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි ඇතුළුව සාදයට සම්බන්ධ වූ 15 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අතරින් පියුමි හංසමාලි ඇතුළු 14 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට අද සවස පියවර ගෙන තිබෙනවා.

මේ අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ද නිරෝධායනය සඳහා යොමුකර තිබෙන අතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු විසින් ඔහුව සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අදාළ පිරිස එක්වර සමාජයට මුදාහරීම උචිත නොවන බැවින් මෙම පිරිස පස්සර නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකිරීමට කොටුව පොලීසිය පියවර ගෙන තිබෙනවා.

නිරෝධායනට රැගෙන යන අතරතුර සිය ෆේස්බුක් ගිණුම හරහා සජීවී විඩියෝවක් විකාශය කරමින් පියුමි හංසමාලි ආවේගශීලී ලෙස අදහස් දැක්වූ අතර මාධ්‍ය ජාලයකට හා මාධ්‍යවේදියෙකුට දැඩි වාග් ප්‍රහාරයන් එල්ල කිරීමක් දක්නට ලැබුණා.

එම වීඩියෝ පහතින්.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top