ක්‍රීඩා හා තරුණ කටයුතු කැබිනට් අමාත්‍ය, නීතිඥ නාමල් රාජපක්ෂ, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජුනි 03 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ද එක්වී සිටියේය.
නව අමාත්‍යධූරය සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ පවසන්නේ තාරුණ්‍යය නූතන්තවය කරා රැගෙන යාමට අවශ්‍ය ඩිජිටල්කරණය කිරීමටත්, මෙරට ව්‍යවසායකයින් හා විදෙස් ආයෝජන හරහා රැකියා උත්පාදනය කිරීමටත් මේ තුළින් වඩාත් කාර්යක්ෂවම සිදුකළ හැකි යැයි තමන් විශ්වාස කරන බවයි.

