දේශීය පුවත්

පාටි දැමූ පියුමිලා නිරෝධායනයට ගියත් කේක් කැපූ නගරාධිපති ගැන නීතිය නිහඬයි

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයකට සහභාගී වූ 15 දෙනෙකු මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කොට ඇප මත මුදා හැර ඇති අතර එයින් 14 දෙනෙකු පස්සර නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් කර තිබෙනවා. කෙසේ නමුත් කුරුණෑගල පොලිස්ථාන පරිශ්‍රයේ පැවති පිරිතක් අතරතුර පොලිසිය විසින්ම ලබා දුන් බව කියන කේක් එකක් කපා සිය ජන්ම දිනය සැමරූ කුරුණෑගල නගරාධිපතිවරයා සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොතිබීම නීතියේ සාමානාත්මතාවය පිළිබඳ ගැටළු මතු කරන්නක් බව සමාජ ක්‍රියාධරයින් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් “දිවයින” පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ පවසා ඇත්තේ කේක් කැපීමට සම්බන්ධ වූ සියලු දෙනා නිරෝධායනයට ලක් කර ඇති බවයි. එසේම කුරුණෑගල එම උපන් දින සාදයට සහභාගී ‌වූ සහකාර පොලිස් අධිකාරිවරයා ඊට ආසන්නතම ප්‍රදේශයක් වන කුලියාපිටිය ‌ප්‍රදේශයට මාරු කර හැරීම ද සිදුව ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමක් සිදු වූයේ නැත. ‌පියුමි හංසමාලිලා ඇතුළු පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කොට රිමාන්ඩ් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලූ පොලිසිය, අධිකරණය ඔවුන්ව ඇප මත මුදා හැරීමෙන් පසු ‌පස්සර ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ ද ‌පොලිසියේ කේක් කැපුවේ දේශපාලනඥයෙකු බැවින් “නීතිය නැවීමක්” සිදුව ඇත් ද යන ගැටළුව මතු වී තිබේ.

පොලිස්ථානය තුළම පොලිසිය විසින්ම ලබාදුන් බව කියන කේක් එකක් කපා සාද දැමීමේ දී නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මේ වනවිට පොලිසිය උපහාසයට ලක් වී ඇති අතර “කේක් ගෙන්වන්නේ සහ බෙදාහරින්නෝ ලෙස පොලීසිය හඳුන්වමින් ෆේස්බුක් පෝස්ට් පවා නිර්මාණය වීම ද ‌මේ දිනවල දක්නට ලැබෙනවා.

එවැනි නිර්මාණ කිහිපයක් පහතින්.

Rivira FB Group Rivira Youtube
To Top