කාලගුණ

රත්නපුර ඇල්ලේ දේවාලය අසල නායයෑමකින් තිදෙනෙකු අතුරුදහන්

රත්නපුර ඇල්ලේ දේවාලය අසල පස් කන්දක් නායයෑමෙන් පුද්ගලයෙන් තිදෙනෙකු අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

ආපදනා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, ජුනි 04 වන දින අලුයම් කාලයේ එම සිද්ධිය වාර්තා වී ඇති බවයි.

මේ අතර, දිස්ත්‍රික්ක 06කට පැනවූ නායයාමේ අවදානම ජුනි 04 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර තිබෙනවා. කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර හා රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර, අගලවත්ත, ඇහැළියගොඩ හා කලවාන ප්‍රදේශවලට නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top