හුංගම ප්‍රදේශයේ රු.5000 දීමනාව ලබා දීමේ අවස්ථාවේ මන්නා පිහියක් පෙන්නා ග්‍රාම නිලධාරියෙකුට තර්ජනය කළ 52 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇයගේ නම ඡන්දය හිමි නාම ලේඛනය වෙත ඇතුළත් කරන්නැයි පවසමින් ඇය මෙලෙස ග්‍රාම නිලධාරීවරයාට තර්ජනය කර ඇති බව හුංගම පොලීසිය පවසයි. රු.5000 දීමනාව ලබා දෙන්නේ ඡන්ද හිමි නාමලේඛනයට අනුව බැවින් අදාළ දීමනාව ලබා ගැනීමේ අරමුණින් ඇය මෙලෙස තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

