සංචරණ නීති පනවා තිබියදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රූපලාවන ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් මැයි 30 වන දින කොළඹ තරු පහේ හෝටලයක පැවැත් වූ උපන්දින සාදයට සහභාගී වූ බවට සැක පිට තවත් පුද්ගලයින් 06 දෙනෙකු ජුනි 04 වන දින අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ පවසයි.
අත්අඩංගුවට ගත් එම පිරිස අතරට කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි තිදෙනෙකු අයත් වන අතර ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නියමිත බව ද වාර්තා වේ. අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු අදාළ ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධරීන්ගේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
එමෙන්ම, මෙම උපන්දින සාදයට සහභාගී වූ බවට සැක තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අදාළ උපන්දින සාදයට සහභාගී වූ පුද්ගලයින් 15 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ඒ අනුව, එම සිදුවීමට අදාළව මෙතෙක් පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
නමුත් පසුගිය දා කුරුණෑගල පොලිසිය පිහිටි පරිශ්‍රයේ පිරිතක් අතරතුර කුරුණෑගල නගරාධිපතිවරයා විසින් කේක් කපා සිය උපන්දිනය සැමරීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය සමත් ව නැත.

