දේශීය පුවත්

චන්දිමාල්ගේ සාදයට මාධවී ඇන්තනී ගිය හැටි සීසීටීවී දර්ශනවලින් එළියට

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට පිරිස් සහභාගී වන ආකාරය දැක්වෙන සීසීටීවී රූපරාමු පෙළක් මාධ්‍යය වෙත නිකුත් වී තිබෙනවා.

මේ අතර, රංගන ශිල්පිනී මාධවී වත්සලා ඇන්තනී ද එම සාදය පැවැත්වූ බව කියන ස්ථානය වෙත ඇතුල් වන අයුරු සීසීටීවී දර්ශනවල පැහැදිලිව දැක්වෙන අතර ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එදින එක් කර තිබූ ඡායාරූපයේ ඇඳුමකට සමාන ඇඳුමකින් එම ස්ථානයට පැමිණෙන ආකාරය දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ ජාල තුළ කතිකාවට ලක්වන විට ඇය තවත් ඡායාරූපයක් එම ගිණුමට එක් කරමින් පවසා තිබුණේ අන්තර්ජාලයෙන් අසන සියල්ල විශ්වාස නොකරන ලෙසත් සයිබර් හිරිහැර සම්බන්ධයෙන් චූදිතයෙකු විය හැකි බවත් පවසමිනි.

එම ඉංග්‍රීසි සටහනේ සරල පරිවර්ථනයක් පහතින්.

“ඔබ අන්තර්ජාලයෙන් අසන සියල්ල විශ්වාස නොකරන්න. සයිබර් හිරිහැර කිරීම යනුවෙන් යමක් ඇති අතර ඔබ ඉලක්කයක් හෝ චූදිතයෙකු විය හැකිය.”

කෙසේ වෙතත් මේ වනවිට මාධවී ඇන්තනී සහ ඇයගේ ස්වාමිපුරුෂයා ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඇය හා සැමියා ද නිරෝධායනය කිරීමට අවශ්‍ය පියවරගත් බවයි. මේ අතර සිය සැමියා සමග සෙල්ෆි ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කරමින් ඇය පවසන්නේ දින 14ක නිරෝධායනයක් සඳහා තමන් යොමුවන බවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top