දේශීය පුවත්

පියුමිලා ගිය බස් එක හැරෙව්වද? ඇමති සරත්ගෙන් සහ නීතිඥවරයෙකුගෙන් පැහැදිලි කිරීම්

කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ දී රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පැවැත් වූ උපන්දින සාදයට සහභාගී වූ පියුමි හංසමාලි ඇතුළු 14 දෙනෙකු බදුල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමේ දී එහි ගමන් කළ බස් රථය ආපසු හැර වූ බවට පළවන පුවත් ව්‍යාජ ඒවා බව නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගේ මාධ්‍ය ලේකම්වරයා පවසනවා.

සාදයට සහභාගී වූ කිහිප දෙනෙකු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන විසින් අමාත්‍යවරයා වෙත දුරකතනයෙන් අමතා සිය සේවාදායකයින් පිරිස අවම අවශ්‍යතා පවා නොමැතිව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යන බව පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියුමි හංසමාලි වෙත දුරකතනය ලබා දී ඇත.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එම නීතිඥවරයා ද අමාත්‍යවරයාගේ නිවේදනය ස්ථිර කරමින් පවසන්නේ අමාත්‍යවරයා වෙත දෝෂාරෝපණය කිරීම වැරදි සහගත බවයි. එසේම එය තමන් නීතිඥවරයෙකු ලෙස නීත්‍යානුකූලව සිදුකරනු ලැබූ මැදිහත් වීමක් ‌බව ද නීතිඥවරයා සිය ‌සටහනෙන් පෙන්වා දී ඇත.

අමාත්‍යවරයා නිකුත් කළ ලිපිය පහතින්.

නීතිඥවරයා තැබූ සටහන පහතින්.

“ගරු සරත් වීරසෙකර ඇමතිතුමාට යම් පිරිස් ද්වේශ සහගතව චෝදනා එල්ල කරන බවක් පෙනෙන නිසා මා මෙය පලකරමි.

චන්දිමාල්ගේ උපන්දින අදාලව ෂැංග්‍රිලා හෝටලයේ සාදයක් පැවැත්වූ බවට පැවරූ නඩුවේ සිදුවීමක් අල්ලා ගරු ඇමතිතුමාට එරෙහිව සමාජ මාධ්‍ය සහ විවිධ තැනැත්තන් අසත්‍ය චෝදනා සිදුකරන අතර එතුමා මෙම සිදුවීමට මැදිහත්වුවේ මාගේ සහ චන්දිමාල්ගේ ඉල්ලීමට බවත්, එය මා නීතීඥවරයෙකු ලෙස නීතියට අනුව කරන ලද ඉල්ලීමක් බවත් ප්‍රකාශකර සිටිමි.

මාගේ සේවාදායකයන්ට ගරු අධිකරණය ඈප ලබාදීමක් සිදුකරන ලද අතර ඉන්පසු පොලීසිය ඔවුන්ව නිරෝධායනයට යවිය යුතුබවට තීරනය කර කොටුව පොලීසියට රැගෙන යන ලදි. ඒ අවස්තාවේ පොලීසිය මාගේ සේවාදායකයන්ගේ මූලික අවශ්‍යතා ගැන හෝ සොයාබැලීමක් නොකරන ලදි. එනිසා මා පොලීසිය භාර ඇමතිතුමාගෙන් ඉල්ලීම කරන ලද්දේ අවම පහසුකමක්වත් නොමැතිව මාගේ සේවාදායකයන් නීරෝධානයනයට ගෙනියන බවත්, අවශ්‍ය අවම පහසුකම් ලබාදීමට කියා කරන ලෙසත්, අවශ්‍ය ඇදුම් සහ අනෙකුත් ද්‍රවය රැගෙන යාමට අවශ්තාව දෙන ලෙසත් ය. (ඇමතිතුමාට කතාකරල ඉල්ලන්න සිදුවුනේ පොලීසිය මාගේ ඉල්ලීමට ක්‍රියා නොකල නිසා). ඇමතිතුමා මාගෙ ඉල්ලීමට ඒ අවස්තාවේ ක්‍රියාකල බවත්, ඒ අවස්තාවේ බස් රථයේ සිටි මාගේ සේවාදායිකාවක් වන පියුමි හංසමාලි අය අයව ගැරු ඇමතිතුමාට සම්බන්ධ කර දුන්නේ මා බවත්, ඇමතිතුමාට අසත්‍ය මඩ ප්‍රචාර සිදුකිරීම ද්වේශ සහගත් බවත් මා කියා සිටිමි..

චන්දිමාල් ජයසින්හ සහ පියුමි හන්සමාලි ඇතුලු මාගේ සේවාදායකයන්ට සිදුවූ අපහසුතා ගැන මා සරත් වීරසේකර ඇමතිතුමාගෙන් නීතියානුකූලව කරන ලද ඉල්ලීමට නීතියට අනුව ක්‍රියාකරන ලද ගරු ඇමතිතුමාට සිදුවූ අපහසුතා ගැන කනගාටුවෙමි.”

Rivira FB Group Rivira Youtube
To Top