News

මාවනැල්ලේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී සිව් දෙනෙකු අතුරුදහන්

මාවනැල්ලේ දෙවනගල ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිව් දෙනකු අතුරුදහන්වී ඇති බවට තොරතුරු ලැබි ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

දින කිපයක් තිස්සේ ඇඳහැළුණු තද වර්ෂාවත් සමග මෙම පස්කන්ද කඩා වැටී ඇති අතර අතුරුදන් වූ පුද්ගලයින් සෙවීම සඳහා මේ වන විට හමුදා නිලධාරීන් යොමු කර ඇති බව වාර්තා වේ.

මේ අතර, වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක් මතට ජුනි 05 වන දින අලුයම පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් ද එහි සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා සඳහන් කළේය.

පැවැති අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා දැනුම්වත් කර ඔහුට නිවසෙන් ඉවත් වන ලෙසට දැනුම්දී තිබූ බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top