News

පස් කන්දට යට වූ සිව්දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර සොයා ගනියි

මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීමෙන් අතුරුදන් වූ එකම පවුලේ සිව්දෙනාගෙන් දියණියගේ සිරුර සොයා ගෙන තිබෙනවා. පස්කන්දට යට වී අතුරුදහන්ව සිටින මව, පියා සහ පුත්‍රයා සොයා මෙහෙයුම් තවදුරටත් සිදු කරමින් පවතින බව වාර්තා වේ.

දැඩි වර්ෂාවත් සමඟ කෑගල්ල දිස්ත්‍රික්කයට නායයෑමේ අවදානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවා තිබුණා.

මේ අතර, ජුනි 04 වැනි දින වැඩිම වර්ෂාපතනයක් ලැබී තිබුණේ කෑගල්ල අල්ගම ප්‍රදේශයටයි. ඒ මිලිමීටර් 197.5කි.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top