චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මිලියනයක් ජුනි 06 වැනි දින අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා. ශ්‍රී ලංකාවට එකවර රැගෙන ආ විශාලතම එන්නත් තොගය ලෙස මෙය සැලකෙනවා.
එම එන්නත් තොගය තවත් දිස්ත්‍රික්ක 12ක එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීම සඳහාත් දෙවන මාත්‍රාව ලෙස යොදා ගැනීමටත් නියමිත බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළා.
එමෙන්ම, ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් ලබන ජුනි 11 වන සිකුරාදා දිනයේ ලැබීමට නියමිත බවත් එය ගොතටුව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශයේ මිට පෙර ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට ලබා දීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
තවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000ක් මෙරටට ලැබීමට නියමිත අතර එය මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සඳහා යොදා ගැනිමට නියමිතයි.

