කාලගුණ

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට දෙදෙනෙකු අතුරුදහන්

Update at 10.28 AM

අයහපත් කාලගුණික තත්ත්වයෙන් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමෙන්ම, පුද්ගලයින් 245,212 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් වාර්තා කරයි.

______________________________________________________________________________________________________________________________

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එක් පුද්ගලයෙකු අතුරුදහන්ව ඇති අතර දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම, දිස්ත්‍රික්ක අටක පවුල් 54,126කට අයත් පුද්ගලයින් 219,027 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කැළණි, කළු, නිල්වලා සහ මහවැලි මෙන්ම මහඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් පහළ බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ නමුත් ගිං ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර, බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගං වතුර තත්වයක් වාර්තා වේ.

ඊයේ දිනයේදී කොළඹ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබූ අතර, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මධුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කළුගං නිම්නයේ පහත් බිම්වල ජලගැලීම් වාර්තා විය.

එමෙන්ම, බියගම – කඩුවෙල මාර්ගය, වත්තල සහ ජා-ඇල පහත් බිම් ජලයෙන් යටව තිබෙනවා.

එමෙන්ම, කොළඹ, ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය, මාතලේ, මහනුවර, කළුතර, ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා ඇති නායයාමේ අවදානම අද පස්වරු 5.30 දක්වා තවදුරටත් දීර්ඝ කෙරුණා.

මේ අතර, ජලාශ කිහිපයක් වාන්දොරටු තවමත් විවෘත කර තිබෙනවා.

එසේම අයහපත් කිලගුණ තත්ත්වය නිසා ජුනි 05 වන දින පස්වරුව වනවිට පාරිභෝගිකයන් 103,000කට පමණ විදුලි බලය ඇණහිට තිබුණා. විදුලි බල අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට ඉන් බොහෝ පිරිසකට විදුලි සැපයුම ලබාදී ඇති බවයි.

මේ අතර, නිරිතදිග මෝසම සක්‍රියව පැවතුනද වැසි තත්වයේ අඩුවීමක් ජුනි 06 වන දින සිට දැකිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
To Top