සියඹලාන්ඩුව හැඩඔය පාලම අසල දී ලක්ෂ 30කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ සිට සියඹලාන්ඩුව දෙසට ගමන් කරන වෑන් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට අම්පාර පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ජුනි 05 වන සෙනසුරාදා දිනයේ දී මෙම වැටලීම සිදුකර තිබෙනවා.
ඒ අනුව, මාර්ග බාධක යොදා සිදු කරන ලද පරීක්ෂාවක දී අදාළ වෑන් රථයේ ගමන් කළ සැකකරුවන් තිදෙනෙකු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 151ක් සොයා ගෙන තිබෙනවා. හෙරොයින් ජාවාරමට අනුබල දීම සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා සහ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් පොතුවිල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23, 51,54, සහ 61 වයස්වල පසුවන්නන් ය. එම සැකකරුවන් ජුනි 06 වන දින සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

