පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවට, ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයට හා ලංකා පෞද්ගලික බස් සංගමයට දිනකට කෝටි 23ක පමණ ආදායමක් අහිමි වන බව වාර්තා වේ.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකරී (ගමනාගමන) ඒ.ඩී.ජී. සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවට දිනකට රුපියල් කෝටි 02 ක පමණ අදායමක් වසංගත තත්ත්වය හේතුවෙන් අහිමි වන බවයි. එමෙන්ම, දුම්රිය සේවකයින් 150ක් පමණ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ද ඔහු සඳහන් කළා.
මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ බස් ධාවනය සීමා වීම නිසා දෛනික ආදායම රුපියල් කෝටි 6ක් අහිමි වන බවයි. එමෙන්ම, ජුනි 14 වැනි දින සංචරණ සීමා ඉවත් කරනු ලැබුවහොත් සාමාන්‍ය පරිදි බස් රථ ධාවනයට යෙදවීමට කටයුතු කරන බව ද ඔහු පවසයි.
ලංකා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ, පෞද්ගලික බස් රථ ප්‍රවාහන ක්ෂේත්‍රයට වසංගත තත්වය නිසා දිනකට රුපියල් කෝටි 15ක පමණ අදායමක් අහිමි වන බවයි. පෞද්ගලික බස් රථ කර්මාන්තය මඟින් මගී ජනතාවගෙන් සියයට හැටක පමණ ප්‍රමාණයකට සේවාව සපයන බවත් රජය නිසි ක්‍රමවේදයක් සකස් කර අත්‍යාවශ්‍ය සේවාවල දෙදෙන පිරිසට බස් රථ මඟින් ගමන් කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම් දැනට පවතින මාර්ග තදබදය අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

