දේශීය පුවත්

ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක්

සංචරණ සීමා පැනවීම හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි වූ පාරිභෝගිකයන්ට මාසයක පමණ සහන කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ය.

මීට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට හා කොවිඩ් රෝගීන් ආශ්‍රිතව නිරෝධායනය වන පුද්ගලයින්ට ජල බිල්පත් ප්‍රමාද වී ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීමට ද තීරණය කර තිබිණි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top