News

වල් අලි ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයාට කොරෝනා බව හෙළි වෙයි

හම්බන්තොට කැටන්වැව උදාගම්මානයේ පදිංචිකරුවෙකු වල් අලි ප්‍රහාරයකින් ජුනි 05 වන දින ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

වල්අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වු පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයේ දී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙලෙසෙ මියගොස් ඇත්තේ චානක කාරියවසම් නමැති 36 හැවිරිදි දෙදරු පියෙක් ය.

ඒ අනුව, කැටන්වැව උදාගම්මානයේ සියලුම පදිංචිකරුවන් ද, හදිසි මරණ පරීක්ෂක, පොලිස් නිලධාරියෙක් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ද නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

To Top