Covid-19

කටුනායක ආයෝජන කලාපයෙන් ඊයේ ආසාදිතයින් 42ක්

කටුනායක ප්‍රදේශයේ ජුනි 06 වන දින කොරෝනා වෛරසය ආසාදිත වු පුද්ගලයින් 64 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 42 දෙනෙකු ම කටුනායක ආයෝජන කලාපයේ සේවය කරන පුද්ගලයින් වේ.

මේ දක්වා කටුනායක නිදහස් ආයෝජන කලාපයේ කර්මාන්තශාලා 64කින් පුද්ගලියින් 2417 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, ගත වූ දින කිහිපයේ දී කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජුනි 06 වන දින පැවසුවා.

ඒ අනුව, කර්මාන්තශාලා ප්‍රධානීන් දැනුවත් කර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ඒවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇත.

ගත වූ පැය දිනයේ දී නව ආසාදිතයින් 2976 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 207,254ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, ගත වූ පැය 24 තුළ දී තවත් ආසාදිතයින් 1172 දෙනෙකු සුවය ලබා ඇති අතර මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 167,304 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

එමෙන්ම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජුනි 06 වන දිනයේ දී තවත් කොරෝනා මරණ 46ක් තහවුරු කර ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 1742ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top