දිවයින පුරා සිටින ගර්භණී මවුවරුන්ට කෝවිඩ් එන්නත් ලබා දීම ලබන ජුනි 09 වැනි බදාදා දිනයේ සිට ආරම්භ කරන බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව, මෙම වැඩසටහන 9 වැනි දා පෙරවරු 11ට පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සහ කොළඹ කාසල්වීදිය කාන්තා රෝහලේදී සිදු කිරීමට නියමිතයි.
ගර්භණී මවුවරුන්ට එන්නත් ලබා දී මේ දී අවදානම් සහිත මවුවරුන්ට නිර්ණායක කීපයක් යටතේ කොරා්නා මර්දන එන්නත් ලබා දීමට පියවර ගන්නා බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රදිප් ද සිල්වා මහතා සඳහන් කරයි.
දිවයින පුරා මේ වන විට ගර්භණී මවුවරුන් 275,000සක් පමණ සිටින බවට වාර්තා වන බව ප්‍රදීප් ද සිල්වා මහතා පැවසුවා.

