Politics

හෙට පාර්ලිමේන්තුව රැස්වෙනවා ද? තීරණය අද

පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ජුනි 07 වන දින පෙරවරුවේ දී විශේෂ පක්ෂ නායක රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය.

එහිදී, ජුනි 08 වන දිනයේ දී පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව තීරණය කිරීමට නියමිතයි.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග යටතේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජුනි 07 වන දින පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට සහ ජුනි 08 වන දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී කරවන්නයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිපියක් මඟින් දැනුම් දී තිබෙනවා.

මීට පෙර ද රැඳවුම් නියෝග යටතේ පසුවන රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට වේත්‍රධාරීවරයාගේ දැනුම් දීම පාර්ලිමේන්තුව වෙත රැගෙන එනු ලැබීය.

To Top