Foreign

හැරී මේගන් යුවළට දියණියක්

ඇමරිකාවේ ජිවත්වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ බිරිඳ මේගන් මාකල් දෙවන වරටත් මව්පදවියට හිමිකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන්ගේ අලුත උපන් දියණිය නම් කර ඇත්තේ ලිල්බට් ලිලී ඩයනා යන නමින් ය.

දියණිය ලිලී යනුවෙන් නම් කිරීමට හේතුව දෙවැනි එලිසබත් මහ රැජිනට ගරු කිරීමක් ලෙස බවත්, ඩයනා නම යෙදීමට හේතුව තම මව ඩයනා සිහි කිරීමක් ලෙස බවත් හැරී කුමරු විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

හැරී මේගන් යුවළට තවත් පුතෙකු සිටින අතර ඔහු ආර්චි හැරිසන් ය. ඔහු පුංචි ලිලී ට වඩා වසර දෙකකින් වැඩිමල්ය.

මේගන් දියණිය ප්‍රසූත කර ඇත්තේ පසුගිය 4 වැනිදා ඇමෙරිකාවේ වේලාවෙන් උදේ 11.40 ට යැයි සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි.

හැරී කුමරුන්ගේ සොහොයුරා විලියම් කුමරුන් සහ ඔහුගේ බිරිඳ කේට් ම්ඩ්ල්ටන්ගේ දියණියගේ නමට ද ‘ඩයනා’ නම ඇතුළත් වෙයි. විලියම් කුමරු සහ සහ කේට් මිඩ්ල්ටන්ගේ දියණිය චාලට් එලිසබත් ඩයනා ය.

අලුත උපන් ලිල්බට් ලිලී ඩයනා මවුන්ට්බැටන් වින්ඩ්සර්, දෙවැනි එලිසබත් මහ රැජිනගේ 11 වැනි මී මිණිබිරියයි. ඇය බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන අට වැනියා ද වනු ඇත.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top