රටේ පවතින සංචරණ සීමාවන් හේතුවෙන් ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් ජුනි 07 වන සඳුදා දිනයේ සිට සතියක කාලයක් සාමාන්‍ය බැංකු සේවා සඳහා තම සියලුම ශාඛාවන් වසා තබන බව දැනුම් දෙයි.
ඒ අනුව, කොමර්ෂල්, සම්පත්, සෙලාන්, DFCC, නේෂන්ස් ට්‍රස්ට්, අමානා, යූනියන් බැංකුව මෙලෙස ඉදිරි සතිය පුරාවට සිය ශාඛා ජාලය වසා තබන බව දැනුම් දෙයි.
එමෙන්ම, ජුනි 08 සහ 09 යන දෙදින පමණක් හැටන් නැෂනල් බැංකුව සිය ශාඛා වසා තබන බව දැනුම් දෙයි.
