දේශීය පුවත්

මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම ජුනි 08 දිනයට සීමාවෙයි

කොවිඩ් අවදානම හේතුවෙන් මේ සතියේ දී පාර්ලිමේන්තු රැස්වීම ජුනි 08 වන අඟහරුවාදා දිනයේ දී පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 07 වන දින පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව, ජුනි 08 වන දින පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුව රැස් කිරීමට තීරණය කළ බව කථානායකවරයා දැනුම් දෙයි.

පසුගිය මාසයේ දී අවසන් වරට පැවැත්වුණු පාර්ලිමේන්තු රැස්වීම කොවිඩ් අවදානම හේතුවෙන් ජුනි 07 වන දින දක්වා කල් තැබීය. ඒ හේතුවෙන් එදින රැස්වීම අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු නිලධාරීන් සඳහන් කරයි.

කොවිඩ් වෛරසය ආසාදිත වූ මන්ත්‍රීවරුන් හා සේවකයින් පිරිසක් ද පසුගිය දිනවල දී වාර්තා වූ බැවින් පාර්ලිමේන්තු සේවකයින් කැඳවීම ද අවදානම් තත්ත්වයක පැවැතිණි. එබැවින් සංචරණ සීමා පනවා ඇති බැවින් එතෙක් සේවයට පැමිණීමට ද අවශ්‍ය නොවන බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ සියලුම කාර්යාල ද ජුනි 07 වැනි දින දක්වා වසා තැබීමට පියවර ගෙන තිබිණි.

Rivira FB Group Rivira Youtube
To Top