News

සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පුවත් නිර්මාණය කරන්නන් සොයා CIDයෙන් විමර්ශන

සමාජ මාධ්‍යවලට අසත්‍ය පුවත් නිර්මාණය කරන හා ඒවා ව්‍යාප්ත කරන පිරිස් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් විශේෂ විමර්ශන ආරම්භ කර ඇත

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ සඳහා පත් කර ඇති බවයි. ඒ අනුව, ජුනි 07 සිට එම විමර්ශන කටයුතු ආරම්භ කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, “මේ දිනවල අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලවල පළවන විවිධ අසත්‍ය පුවත් හේතුවෙන් මහජනතාව විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙන බවට පෙනී ගොස් තිබෙනවා. මේ නිසා ජනතාවගේ එදිනෙදා කටයුතු අඩාලවීමක් දක්නට ලැබෙනවා. මේ නිසා කොවිඩ් පාලනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට විවිධ බලපෑම් එල්ල වී තිබෙනවා. එවැනි කරුණු සහ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත් එවැනි පුවත් නිර්මාණය කරන, බෙදාහරින පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් පොලීසිය පියවර ගෙන තිබෙනවා.”

යම් අයෙකු අසත්‍ය පුවත් පළ කරමින් ජනතාව කලබලයට පත් කරන්නේ නම් එය පොලිස් ආඥා පනතේ 98 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top