දේශීය පුවත්

විශ්‍රාම වැටුප්ලාභීන්ට දැනුම් දීමක්

මෙම මාසයට නියමිත විශ්‍රාම වැටුප් ජුනි 10 වන බ්‍රහස්පතින්දා දිනයේ දී ලබා දීමට නියමිත බවත් විශ්‍රාම වැටුප් ගෙවීම් සිදු කරන බැංකු ද එදිනට විවෘත කරන බවත් යුද හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

එමෙන්ම, එදිනට විශ්‍රාම වැටුප්ලාභීන් විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා අදාළ බැංකු වෙත ගෙන යාමට යුද හමුදාව විසින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇත.

ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහය ඇතිව අදාළ ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කරන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top