දේශීය පුවත්

රජයේ ආයතනවලට එල්ල කළ සයිබර් ප්‍රහාරයක් ගැන අසත්‍ය පුවත් පැතිරූ අයෙක් අත්අඩංගුවට

රජයේ ආයතන රැසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අසත්‍ය පුවතක් ප්‍රචාරය කළ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් ජුනි 07 වන දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ජුනි 04 වන දින ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යාංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තුමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවට අසත්‍ය නිවේදනයක් අන්තර්ජාලය වෙත එක් කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නම් සංවිධානයේ සභාපති රජීව් මැතිව් යසිරු කුරුවිටගේ නමැත්තා වන අතර ඔහුට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ කටයුතු කිරීමට නියමිතයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර සැකකරු ජුනි 08 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

වැඩිදුර කියවන්න

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top