News

කප්පම් ගැනීමට තැත් කළ ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට

කල්පිටිය, කල්කුඩා ප්‍රදේශයේ දී ජුනි 06 වන දින ත්‍රීරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ ගුවන් හමුදා සෙබළුන් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ජුනි 07 වන දිනයේ දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

අදාළ සැකකරුවන් පාලවිය ගුවන් හමුදා අනුඛණ්ඩයට අයත් සෙබළුන් තිදෙනෙකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අධිකරණය හමුවට ජුනි 08 වන දින ඉදිරිපත් කිරීමට නියමිතය.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top