දේශීය පුවත්

අලෙවි කර ගත නොහැකි එළවළු හා පළතුරු දිස්ත්‍රික් මිල කමිටු යටතේ රජය මිලදී ගනියි

පවතින සංචරණ සීමා යටතේ ගොවියන්ට අලෙවි කර ගත නොහැකිව වී ඇති එළවළු හා පළතුරු තොග දිස්ත්‍රික් මිල කමිටු මිල ගණන් යටතේ මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුවයි.

ඒ අනුව, එම එළවළු හා පළතුරු තොග කොවිඩ් ප්‍රතිකාර මධ්‍ය්ථාන, සියලුම රෝහල්, ත්‍රිවිධ හමුදාව, අවතැන් කඳවුරු හා ජීවනෝපාය අහිමි වු පවුල් වෙත නොමිලේ ලබා දීමට තීරණය කර ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top