කොවිඩ්-19

සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබා දීම අද ඇරඹේ

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ජුනි 08 වන දින කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයෙන් ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

එමෙන්ම, කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ද දෙවන මාත්‍රාව ලබා දීම ජුනි 08 වන දින ආරම්භ කෙරෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

වැරැල්ලවත්ත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top